3 Followers
7 Following
5.1K Posts
හම්බන්තොට නිර්වින්දනය වෛද්‍යවරයා රට හැර යයි: හම්බන්තොට දිස්ත්‍රික් මහරෝහලේ එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාත් රට හැර ගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග උබේසේකර මහතා පවසයි.මේ හේතුවෙන් සාමාන්‍ය සැත්කම් හැර සෙසු සැත්කම් සිදුකිරීම රෝහල තුළ අර්බුදයකට මුහුණ පා ඇති බව ද වෛද්‍යවරයා අවධාරණය කළේය.රට හැර ගිය වෛද්‍යවරයා අධ්‍යාපනය සඳහා ද නොඑසේ නම් ස්ථිර පදිංචිය සඳහා රට හැර ගොස් ඇති ද යන්න තවම තමා දැනුම්වත් වී නොමැති බව ද අධ්‍යක්ෂවරයා සදහන් කළේය. https://divaina.lk/%e0%b7%84%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%9c%e0%b6%a7-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b6%b1%e0%b6%ba-%e0%b7%80%e0%b7%9b/?utm_source=dlvr.it&utm_medium=mastodon #වගසපවත
උල්කාපාත වර්ෂාවක්: දර්ශනීය උල්කාපාත වර්ෂාවක් මෙම දිනවල අලුයම 1.00 සිට දැකගත හැකි බව අභ්‍යාවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ, ඊයේ (12) දිනයේ සිට මෙම උල්කාපාත වර්ෂාව අලුයම් කාලයේ දැක ගැනීමට හැකියාව පවතින බවය.මෙය ‘ප(ර්)සිඩියස්’ උල්කාපාත වර්ෂාව ලෙස හැඳින්වෙන බව ද සඳහන් කරයි. https://divaina.lk/%e0%b6%8b%e0%b6%bd%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%b4%e0%b7%8f%e0%b6%ad-%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b7%82%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a/?utm_source=dlvr.it&utm_medium=mastodon #වගසපවත

මැණික් හා ස්වර්ණාභරණ දෙස ජනපති ඇස: මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත අපනයන හා ප්‍රතිඅපනයන වැඩි දියුණු කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තුළින් වාර්ෂිකව රටට ඉහළ අපනයන ආදායමක් උපයා ගත හැකි බව ද ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කර ඇත.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත මතු ව ඇති ගැටලු… https://divaina.lk/%e0%b6%b8%e0%b7%90%e0%b6%ab%e0%b7%92%e0%b6%9a%e0%b7%8a-%e0%b7%84%e0%b7%8f-%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%ab%e0%b7%8f%e0%b6%b7%e0%b6%bb%e0%b6%ab-%e0%b6%af%e0%b7%99%e0%b7%83/?utm_source=dlvr.it&utm_medium=mastodon #වගසපවත

කාශ්මීර කලාපයේ ජනතාවගේ මානව හිමිකම් ගැටළු විමසයි: එක්සත් කාශ්මීර මහජන ජාතික පක්ෂයේ (UKPNP) නියෝජිත කණ්ඩායමක් ලීඩ්ස්හිදී ලේබර් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆේබියන් හැමිල්ටන් ඉකුත් සතියේදී හමුවී එක්සත් රාජධානියේ පකිස්තාන- ආක්‍රමණික -කාශ්මීර කලාපයේ (PoK ) මිනිසුන්ගේ මානව හිමිකම් ගැටළු පිළිබඳව සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
එක්සත් කාශ්මීර මහජන ජාතික පක්ෂයේ නියෝජිත කණ්ඩායමක් ලීඩ්ස්හිදී ලේබර් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆේබියන් හැමිල්ටන් හමු වූ අතර එරට… https://divaina.lk/%e0%b6%9a%e0%b7%8f%e0%b7%81%e0%b7%8a%e0%b6%b8%e0%b7%93%e0%b6%bb-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8f%e0%b6%b4%e0%b6%ba%e0%b7%9a-%e0%b6%a2%e0%b6%b1%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b8/?utm_source=dlvr.it&utm_medium=mastodon #වදසපවත

පර්ලිමෙන්තුවේ ප්‍රශ්නය ලිංගික හිංසනය විතරද?: පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සේවිකාවන් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ලිංගික හිංසනයට ලක්වීම සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන අභ්‍යන්තර පරීක්ෂණය අඩපණ කිරීමට ඉහළ නිලධාරීන් කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් රෝහිණි කුමාරි විජයරත්න කළ චෝදනාව රටේ ඉහළම ආයතනයේ සැබෑ ස්වරූපය අවධාරණය කර ඇත.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මුලසුනේ සිටියදී මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන එම මන්ත්‍රීවරිය… https://divaina.lk/%e0%b6%b4%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%81%e0%b7%8a%e0%b6%b1%e0%b6%ba-%e0%b6%bd/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #MpRohiniKavirathne

කුඩු අල්ලන්න ගිය නාකොටික් කණ්ඩායම පොලිසිය අල්ලයි…හේතුව අභිරහසක්: මේ රටේ මත් කුඩු ජාවාරම පිළිබඳව කතා කිරීමේදී එය මැඬ පැවත්වීමට සිටින පොලිසියේ ඇතැමුන් ක්‍රියා කරන්නේ ගැටලු සහගත ආකාරයටය. තොටළඟ පොඩ්ඩිලා සහ කුඩු කුමාරි හෙවත් සුද්දි ඇතුළු බොහෝ ජාවාරම් කාරියෝ සහ කරුවෝ අද කුඩු ජාවාරමෙන් කොළඹ නගරය වනසමින් සිටිති.

එහෙත් වැටලීම් කිරීමට සිටින පොලිසියේ ඇතැම්හු නිහඬය. එකී මහාපරිමාණ ජාවාරම් සිදු වෙමින් තිබෙන්නේ රටේ පොලිසියක් නැති ගානටය.… https://divaina.lk/%e0%b6%9a%e0%b7%94%e0%b6%a9%e0%b7%94-%e0%b6%85%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%b1%e0%b7%8f%e0%b6%9a%e0%b7%9c%e0%b6%a7%e0%b7%92%e0%b6%9a/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයපරදශයපවත #SriLankanNacoticandPolice

අහස් ගැබට පැන සුරඟන ලොවට ගිය විරුවන්: මීට මාසයකට පමණ ඉහත දිනකදී ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයට අයත් භූමියේ වූ තැනක පිහිටි ගුවන් හමුදාවට සොඳුරු නවාතැනක රැයක් ගත කරන්නට මට අවස්ථාව ලැබිණි. එය සිදුවූයේ පවුලේ සාමාජිකයන්ද ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුකළ සංචාරයකදීය.

අප එදා ඒ නවාතැනට ගියේ මධ්‍යම රාත්‍රියටත් ආසන්නව තිබියදීය. එහෙයින් එම පරිසරයේ වූ කිසිවක් දැක ගැනීමට අවස්ථාවක් නොලැබිණි. එහෙත් පසුදාට හිරු උදාවෙමින්… https://divaina.lk/%e0%b6%85%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b6%9c%e0%b7%90%e0%b6%b6%e0%b6%a7-%e0%b6%b4%e0%b7%90%e0%b6%b1-%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b6%9f%e0%b6%b1-%e0%b6%bd%e0%b7%9c%e0%b7%80%e0%b6%a7-%e0%b6%9c/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #AirfocePlaneCrashinSriLanka

වහන්නත් බැරි අරින්නත් අමාරු මත්තල: මත්තල ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා වැයවූ රුපියල් මිලියන 36,564 මුදල ඵලදායි ලෙස භාවිත කොට නැහැ

මෙහෙයුම් වියදම ආදායමට වඩා 26 ගුණයකින් වැඩිවෙලා

ඉකුත් වසර හය තුළ අලාභය රුපියල් මිලියන 42,818ක්

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ණය උගුලක හිරවෙලා ගෙවීමට ඇති ණයමුදල ඇමරිකානු ඩොලර් මිලියන 834ක්

මෙරට ජාත්‍යන්තර ගුවන්තොටුපළ බොහොමයක් දිගින් දිගටම පාඩු ලබන ගුවන්තොටුපළ බවට පත්ව ඇත්තේය. මත්තල ගුවන්තොටුපළ වූ කලී එහි… https://divaina.lk/%e0%b7%80%e0%b7%84%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b6%e0%b7%90%e0%b6%bb%e0%b7%92-%e0%b6%85%e0%b6%bb%e0%b7%92%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b6%b8/?utm_source=dlvr.it&utm_medium=mastodon #ඉරදසගරහයවශෂග #MattalaAirPort

සමාවෙන්න!දුම්රිය ප්‍රමාදයි: ඉතිහාසයේ පටන් යුද බිමේදී පාවිච්චි කෙරුණු භයානක ආයුධ කිහිපයක් විය. ඉන් පළමු වැන්න කඩුවය. දෙවැන්න තුවක්කුවය. තුච්ඡ වූද නීච වූද ස්ත්‍රී දූෂණය නමැති අවිය තුන්වැන්නයි. බලහත්කාරකමක් මගින් ගැහැනියක බිම දැමිය හැකිය. ඇය තුළ තමා පහත් යැයි සම්මත හැඟීමක් ඇති කළ හැකිය. අපගේ කතු වැකිය අද අප පටන් ගන්නේ මෙතැනිණි.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සිටින ඇතැම් කාන්තාවන් එම කාර්ය මණ්ඩලයේම සිටින පිරිමින් අතින් අපහරණයට ලක්වූ බව අප පසුගිය දිනයේ… https://divaina.lk/%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%af%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b6%b8%e0%b7%8f%e0%b6%af/?utm_source=dlvr.it&utm_medium=mastodon #දවයනඉරදසගරහයකතවකය